Skip to main content

JAVA install කරන්නේ කොහොමද?

ඔබගේ පරිගණකයේ පවතින මෙහෙයුම් පද්ධතියට අදාළ JAVA SDK (SE Development  Kit)  එක මෙතනින් downlord කරගන්න.  


සැලකිය යුතුය : 32-bit සහ 64-bit මෙහෙයුම් පද්ධති අතර වෙනස...


32-bit processors සහ  64-bit processors අතර පවතින ප්‍රධානතම වෙනස ඔවුන්ගේ ක්‍රියාකාරී වේගයයි.
එමෙන්ම තවත් වැදගත් කාරණයක් නම් මෙහෙයුම් පද්ධතිය 64-bit version එකක් උවත් 32-bit software programs වැඩ කිරීමයි.
එමෙන්ම ඔබගේ පරිගණකයේ RAM එක සහයෝගය දක්වන උපරිම මතක ධාරිතාව 32-bit සහ 64-bit අතර වෙනස්කමක් දක්වයි.කොහොමද කියුවොත් 32-bit computers සහයෝගය දක්වන උපරිම මතක ධාරිතාව 3 - 4 GB වන අතර  64-bit computers 4 GB ට වැඩියෙන් සහයෝගය දක්වයි.

Windows මෙහෙයුම් පද්ධති වලට JAVA install  කරන ආකාරය.


ඉහත link එක බාවිතයෙන්  ඩවුන්ලෝඩ් කරගත් Setup File එක(jdk) සාමාන්‍ය විදියටම run කරලා install කර ගන්න.මෙහිදී install කරන path එක default දෙනවානම් හොඳයි.
jdk7 install වුනාට පස්සේ අපිට JAVA වල වැඩ පටන් ගන්නන කලින් කරන්න පොඩි වැඩ ටිකක් තියෙනවා.මේ සඳහා මුලින්ම ඔයා jdk install කරපු folder එකට ඇතුළට යන්න ඔනි.

1)   default settings  වලට අනුව install කලානම් C:\Program Files\Java\jdk1.7.0_40 කියන folder එක. දැන් මේ folder එකේ තියෙන folders වල bin කියන folder එක ඇතුලට ගිහින් folder එකේ Path එක copy කර ගන්න.



එතකොට C:\Program Files\Java\jdk1.7.0_40\bin කියල path එකක් ලැබේවි.



2)  දැන් මේ window එක close කරලා desktop එකේ Computer icon එකේ right click කරලා Properties click කරන්න.


3)   open වෙන window එකේ Advanced system settings වලට යන්න.Advanced tab ඒකේ Environment Variables button එක click කරන්න.






4)  open වෙන window එකේ System Variables කියන list එකේ පහලින් තියෙන path කියන item 
එක select කරලා පහලින් තියෙන Edit button එක click කරන්න





5)  අපි තෝරාගත් path එකේ අන්තිමට ගිහින් එතැන semicolon ( ; ) එකක් දාන්න.






6) දැන් තමයි අපි මුලින්ම copy කරගත් link එක එතැන paste කරලා ආයෙමත් semicolon ) එකක් දාල ok කරන්න.






දැන් JAVA වලින් code කරන්න පුළුවන් තත්වෙට අපේ computer එක සූදානම් කරගෙන ඉවරයි.
අපි කරපු වැඩේ හරිද බලන්නේ මෙහෙමයි.මේකට Command Prompt එක open කර ගන්න ඕන. Windows Key එක press කරලා cmd කියල type කරලා Enter key එක press කරන්න.




මේ තියෙන්නේ command prompt එක.දැන් java කියල type කරලා enter key එක press කරන්න.




මේ වගේ information එකක්  ලැබෙනවනම් අපේ වැඩේ සාර්ථකයි.
මේ පියවර සාර්ථකනම් අපිට JAVA වලින් code කරන්න පටන් ගන්න පුළුවන්.






Comments

Popular posts from this blog

JAVA වල කේත ව්‍යූහ (code structure in JAVA)

මෙය ඉතාමත් වැදගත් මාතෘකාවක්. 1) class හැම විටම source file එකක් තුල තිබෙන්න ඕන. 2) methods හැම විටම class එකක් තුල තිබෙන්න ඕන. 3) statements හැම විටම method එකක් තුල තිබෙන්න ඕන. Source file එකක අඩංගු වන්නේ මොනවාද ? source code file එකක් යනු .java ලෙස තිබෙන file වලටයි.මෙම file එක තුල අපි ලියන java class අඩංගු වියයුතුයි.කොතරම් කුඩා program එකක් උවත් අනිවාර්යයෙන්ම  class එකක් තිබියයුතුයි.මෙම class එකට අයත් ප්‍රදේශය { } වරහන් වලින් ආවරණය වියයුතුයි.  class එකක අඩංගු වන්නේ මොනවාද ? class එකක method එකක් හෝ කිහිපයක්ම අඩංගු විය හැකිය.method එකක් අඩංගු විය යුත්තේ class එකේ  { } තුලයි. Method එකක අඩංගු වන්නේ මොනවාද ? method එකක {} තුල ලියන්නේ එම method  එක මගින් ක්‍රියාත්මක විය යුතු statements ය.ඒ වාගේම ඔබට method එකක් function එකක් විදියටද හිතන්න පුලුවන්. class එකක ව්‍යූහය හොදින් දැනගනිමු. JVM එක run වෙද්දි අපි command-line එකෙ run වෙන්න දුන්න class එක සොයනවා.එම class එක සොයා ගත් පසු එය පහත ආකාරයෙම විශේෂ වූ method එකක...