Skip to main content

JAVA වලින් print කරන්නේ කොහොමද බලමු

මෙතැනදී අපි පොඩි java  program එකක් ලියලා command prompt එකේ out-put එක ගන්නෙ කොහොමද බලමු.


මෙම java program එකේ print කරන්න තිබෙන statenment එක "  System.out.println ("  "); "  
වලින් දක්වා තිබෙනවා. 


මොකක්ද මේ System.out.println කියන්නෙ?


System කියන්නේ  package name එකක්(folder එකක් කියලා හිතා ගන්නකෝ). out කියන්නෙ class එකක්.
println( ) කියන්නෙ එම class එකෙ තියෙන method එකක්.JVM එක System.out.println(" Hello JAVA "); කියන statenment එක run වෙද්දි System කියන්නේ  package එකේ out කියන්නෙ class එකේ
print කියන method එකකට (" ") තුල අපි ලියන string එක pass කරනවා.එම method එක මගින් command prompt එකේ අපි pass කරන string එක print කරනවා.

මුලින්ම අපි command prompt එකෙන් මෙම java program එක Run කරන ආකාරය පියවරෙන් පියවර බලමු. 




ඔබ ඔබගේ program එක save කරපු තැනට command prompt එක ගෙනියන්න ඕනි.මුලින්ම ඔබේ program එක තියන partition එකට command prompt එක ගෙනිමු.




දැන් ඔයාගෙ program එක තියන තැනට අදාළ path එක copy කරගන්න.Ex : D:\Education\My Blog Details\progrms.දැන් Command Prompt එකේ cd කියල type කරලා copy කරගත් path එක right click කරලා paste කරලා Enter කරන්න.



දැන් command prompt එක තියෙන්නේ අපේ program එක තිබෙන folder එකේ.අපේ program එක compile කරන්න javac  ___.java (javac Print.java) කියලා type කරලා enter කරන්න.


compiler අපේ program එක compile කරලා errors තියෙනවද බලනවා.


compile කරපු program එක run කරන්නෙ java ______ (java Print) ලෙසිනි.run වෙන program එක අපිට අවශ්‍ය output එක ලබදෙනවා.




Hello JAVA කියලා 5 වතාවක් print කරන්නේ කොහොමද බලමු.

මෙන්න මෙහෙමයි code එක තියෙන්නේ.



අපි කලින් program එකේ කරපු විදියට අදාළ folder එකට යන්න ඕන.ගිහින් compile කරමු.

දැන් Run කරමු.


අපි කරපු උදාහරණ දෙකම print උනේ පේලියෙන් පේලියටනෙ.දැන් බලමු  පේලිය හරහට print කරන්නේ කොහොමද කියල.

output එක " A B C D " කියලා print වෙන program එක ලියන ආකරය.



මෙන්න මෙහෙමයි output එක ලැබෙන්නේ.



System.out.println ("  "); හා System.out.print ("  "); අතර වෙනස්කමක් තිබෙන බව ඔබට තේරෙනවාද?මෙම වෙනස ගැන මීළඟ blog එකෙන් බලමු.

Comments

Popular posts from this blog

මොනවටද මේ variables කියන්නේ?

වේරියබල් හෙවත් විචල්‍යන් සෑම computer භාෂාවකම වාගේ භාවිතා කරයි.වේරියබල් එකක් මගින් පරිගණකයේ ඇති තාවකාලික මතකයෙන් කොටසක් වෙන්කර ගැනීමට මෙන්ම එම  ඉඩ කොටස තුල දත්ත ගබඩා කිරීමටත් වෙනත් කටයුතුවලට යොදවා ගැනීමටත් හැකිය. වේරියබල් එකක පොදු ආකෘතිය වේරියබල් එකක් සැකසෙන්නේ කොටස් දෙකකිනි. (1) ඩේටා   ටයිප්   එක මගින් වේරියබල් එක තුළට ඇතුල් කරන දත්ත වර්ගය හා දත්තවල ප්‍රමාණය තීරණය කරයි.JAVA වල Data Type වර්ග කිහිපයක් හා එම  Data Type වල විස්තර කිහිපයක් පහත වගුවේ දැක්වේ.

print( ) හා println( ) අතර වෙනස

print( ) මෙන්ම println( ) කියන  method දෙකම තියෙන්නේ  System කියන  package එකේ out කියන class එකේ. පහතින් සඳහන්වන program එකෙන් මේ දෙකේ වෙනස තේරුම් ගනිමු. compile කරලා run කරාම මෙන්න මේ වගේ output එකක් ලැබේ. මෙන්න මේකයි වෙනස. println( ) method එකෙන් (" ") තුල අඩ0ගු දේ print කරලා cursor එක new line එකකට ගෙනියනවා. print( ) method එකෙන් (" ") තුල අඩන0ගු දේ print කරලා cursor එක එම line එකේම තියනවා .