මෙය ඉතාමත් වැදගත් මාතෘකාවක්.
1) class හැම විටම source file එකක් තුල තිබෙන්න ඕන.
2) methods හැම විටම class එකක් තුල තිබෙන්න ඕන.
3) statements හැම විටම method එකක් තුල තිබෙන්න ඕන.
Source file එකක අඩංගු වන්නේ මොනවාද ?
source code file එකක් යනු .java ලෙස තිබෙන file වලටයි.මෙම file එක තුල අපි ලියන java class අඩංගු වියයුතුයි.කොතරම් කුඩා program එකක් උවත් අනිවාර්යයෙන්ම class එකක් තිබියයුතුයි.මෙම class එකට අයත් ප්‍රදේශය { } වරහන් වලින් ආවරණය වියයුතුයි.class එකක අඩංගු වන්නේ මොනවාද ?
class එකක method එකක් හෝ කිහිපයක්ම අඩංගු විය හැකිය.method එකක් අඩංගු විය යුත්තේ class එකේ { } තුලයි.
Method එකක අඩංගු වන්නේ මොනවාද ?
method එකක {} තුල ලියන්නේ එම method එක මගින් ක්‍රියාත්මක විය යුතු statements ය.ඒ වාගේම ඔබට method එකක් function එකක් විදියටද හිතන්න පුලුවන්.
class එකක ව්‍යූහය හොදින් දැනගනිමු.
JVM එක run වෙද්දි අපි command-line එකෙ run වෙන්න දුන්න class එක සොයනවා.එම class එක සොයා ගත් පසු එය පහත ආකාරයෙම විශේෂ වූ method එකක් සොයනවා.
අනතුරුව JVM එක main method එකෙ { } අතර පවතින සියලුම දේ run කරයි.හැම JAVA application එකකටම අනිවාර්යයෙන් එක් class එකක්, main method එකක් තිබිය යුතුය.(Not one main per class,just one main per application)
Coding කරන්න කලින් මේ ටිකත් හොඳට තේරුම් ගන්න.
main( ) method එක අඩංගු class එක.
java program එකක් run කරද්දී ඇත්තේන්ම run වෙන්නේ class file එකක්(.class).මෙහිදී jvm එක class එක load කරල එහි main( ) method එක අවසානය දක්වාම executive කරනවා.
Comments
Post a Comment