Skip to main content

Posts

Showing posts from 2014

මොනවටද මේ variables කියන්නේ?

වේරියබල් හෙවත් විචල්‍යන් සෑම computer භාෂාවකම වාගේ භාවිතා කරයි.වේරියබල් එකක් මගින් පරිගණකයේ ඇති තාවකාලික මතකයෙන් කොටසක් වෙන්කර ගැනීමට මෙන්ම එම  ඉඩ කොටස තුල දත්ත ගබඩා කිරීමටත් වෙනත් කටයුතුවලට යොදවා ගැනීමටත් හැකිය. වේරියබල් එකක පොදු ආකෘතිය වේරියබල් එකක් සැකසෙන්නේ කොටස් දෙකකිනි. (1) ඩේටා   ටයිප්   එක මගින් වේරියබල් එක තුළට ඇතුල් කරන දත්ත වර්ගය හා දත්තවල ප්‍රමාණය තීරණය කරයි.JAVA වල Data Type වර්ග කිහිපයක් හා එම  Data Type වල විස්තර කිහිපයක් පහත වගුවේ දැක්වේ.

print( ) හා println( ) අතර වෙනස

print( ) මෙන්ම println( ) කියන  method දෙකම තියෙන්නේ  System කියන  package එකේ out කියන class එකේ. පහතින් සඳහන්වන program එකෙන් මේ දෙකේ වෙනස තේරුම් ගනිමු. compile කරලා run කරාම මෙන්න මේ වගේ output එකක් ලැබේ. මෙන්න මේකයි වෙනස. println( ) method එකෙන් (" ") තුල අඩ0ගු දේ print කරලා cursor එක new line එකකට ගෙනියනවා. print( ) method එකෙන් (" ") තුල අඩන0ගු දේ print කරලා cursor එක එම line එකේම තියනවා .

JAVA වලින් print කරන්නේ කොහොමද බලමු

මෙතැනදී අපි පොඩි java  program එකක් ලියලා command prompt එකේ out-put එක ගන්නෙ කොහොමද බලමු. මෙම java program එකේ print කරන්න තිබෙන statenment එක  "    System.out.println ("  ");  "    වලින් දක්වා තිබෙනවා.  මොකක්ද මේ  System.out.println  කියන්නෙ? System කියන්නේ  package name එකක්(folder එකක් කියලා හිතා ගන්නකෝ). out කියන්නෙ class එකක්. println( ) කියන්නෙ එම class එකෙ තියෙන  method  එකක්.JVM එක  System.out.println(" Hello JAVA ");  කියන statenment එක run වෙද්දි  System කියන්නේ  package එකේ out කියන්නෙ class එකේ print කියන  method  එකකට  (" ")  තුල අපි ලියන string එක pass කරනවා.එම  method  එක මගින් command prompt එකේ අපි pass කරන string එක print කරනවා. මුලින්ම අපි command prompt එකෙන් මෙම java program එක Run කරන ආකාරය පියවරෙන්  පියවර බලමු.   ඔබ ඔබගේ program එක save කරපු තැනට command prompt එක ගෙනියන්න ඕ නි.මුලින්ම ඔබේ program එක තියන partition එකට  command prompt එක ගෙනිමු. දැන් ඔයාගෙ program එක තියන තැනට අදාළ path එක

JAVA වල කේත ව්‍යූහ (code structure in JAVA)

මෙය ඉතාමත් වැදගත් මාතෘකාවක්. 1) class හැම විටම source file එකක් තුල තිබෙන්න ඕන. 2) methods හැම විටම class එකක් තුල තිබෙන්න ඕන. 3) statements හැම විටම method එකක් තුල තිබෙන්න ඕන. Source file එකක අඩංගු වන්නේ මොනවාද ? source code file එකක් යනු .java ලෙස තිබෙන file වලටයි.මෙම file එක තුල අපි ලියන java class අඩංගු වියයුතුයි.කොතරම් කුඩා program එකක් උවත් අනිවාර්යයෙන්ම  class එකක් තිබියයුතුයි.මෙම class එකට අයත් ප්‍රදේශය { } වරහන් වලින් ආවරණය වියයුතුයි.  class එකක අඩංගු වන්නේ මොනවාද ? class එකක method එකක් හෝ කිහිපයක්ම අඩංගු විය හැකිය.method එකක් අඩංගු විය යුත්තේ class එකේ  { } තුලයි. Method එකක අඩංගු වන්නේ මොනවාද ? method එකක {} තුල ලියන්නේ එම method  එක මගින් ක්‍රියාත්මක විය යුතු statements ය.ඒ වාගේම ඔබට method එකක් function එකක් විදියටද හිතන්න පුලුවන්. class එකක ව්‍යූහය හොදින් දැනගනිමු. JVM එක run වෙද්දි අපි command-line එකෙ run වෙන්න දුන්න class එක සොයනවා.එම class එක සොයා ගත් පසු එය පහත ආකාරයෙම විශේෂ වූ method එකක් සොයනවා. අනතුරුව JVM එ

JAVA install කරන්නේ කොහොමද?

ඔබගේ පරිගණකයේ පවතින මෙහෙයුම් පද්ධතියට අදාළ JAVA SDK ( SE Development  Kit)    එක   මෙතනින්  downlord  කරගන්න.   සැලකිය යුතුය :  32-bit සහ 64-bit මෙහෙයුම් පද්ධති අතර වෙනස... 32-bit processors සහ  64-bit processors අතර පවතින ප්‍රධානතම වෙනස ඔවුන්ගේ ක්‍රියාකාරී වේගයයි. එමෙන්ම තවත් වැදගත් කාරණයක් නම් මෙහෙයුම් පද්ධතිය 64-bit version එකක් උවත්  32-bit software programs වැඩ කිරීමයි. එමෙන්ම ඔබගේ පරිගණකයේ RAM එක සහයෝගය දක්වන උපරිම මතක ධාරිතාව 32-bit සහ 64-bit අතර වෙනස්කමක් දක්වයි.කොහොමද කියුවොත් 32-bit computers සහයෝගය දක්වන උපරිම මතක ධාරිතාව  3 - 4 GB වන අතර  64-bit  computers  4 GB ට වැඩියෙන්  සහයෝගය දක්වයි. Windows  මෙහෙයුම්   පද්ධති   වලට  JAVA install    කරන   ආකාරය. ඉහත link එක බාවිතයෙන්  ඩවුන්ලෝඩ් කරගත් Setup File එක (jdk ) සාමාන්‍ය   විදියටම run කරලා install කර ගන්න .මෙහිදී install කරන path එක default දෙනවානම් හොඳයි. jdk7 install වුනාට පස්සේ අපිට   JAVA   වල   වැඩ පටන් ගන්නන කලින් කරන්න   පොඩි වැඩ ටිකක් තියෙනවා . මේ සඳහා මුලින්ම ඔයා jdk insta

මොකක්ද මේ JAVA කියන්නේ?

සරලව කියුවොත් JAVA කියන්නේ වේදනාවක්. නමුත් අද මෙම වේදනාව  ගොඩක් මිනිසුන්ගේ ජීව්ත් වෙලා. JAVA   භාෂාවේ   නිර්මාතෘ   ජේම්ස්   ගොස්ලින්  ( James gosling )  කියන   පරිගණ ක   විද් ‍ යාඥයා .  මෙම    භාෂාව   ඕනෑම කෙනෙකුට නොමිලේම ලබාගෙන පාවිච්චි කරන්න පුළුවන් . මෑතක් වෙන තුරුම ජාවා අයිති වෙලා තිබුනේ Sun Micro systems  කියන ආයතනයට . නමුත් දැන්   JAVA   අයිති Oracle කියන ආයතනයට . JAVA  Technology එක ගැන........  Java Technology එක  programming language එකක් විතරක්  නෙවෙයි platform එකක් කියන්නත් පුලුවන්. Java programming language එක උසස් මට්ටමේ භාෂාවක් වගේම මෙම භාෂාව පහත සඳහන් විශය කරුනු විදහා පානවා.               ---> Simple               ---> Object oriented               ---> Distributed               ---> Multithreaded               ---> Dynamic               ---> Architecture neutral               ---> Portable               ---> High performance               ---> Robust               ---> Secure JAVA Program එකක් Run