Skip to main content

Posts

Showing posts from October, 2014

මොනවටද මේ variables කියන්නේ?

වේරියබල් හෙවත් විචල්‍යන් සෑම computer භාෂාවකම වාගේ භාවිතා කරයි.වේරියබල් එකක් මගින් පරිගණකයේ ඇති තාවකාලික මතකයෙන් කොටසක් වෙන්කර ගැනීමට මෙන්ම එම  ඉඩ කොටස තුල දත්ත ගබඩා කිරීමටත් වෙනත් කටයුතුවලට යොදවා ගැනීමටත් හැකිය. වේරියබල් එකක පොදු ආකෘතිය වේරියබල් එකක් සැකසෙන්නේ කොටස් දෙකකිනි. (1) ඩේටා   ටයිප්   එක මගින් වේරියබල් එක තුළට ඇතුල් කරන දත්ත වර්ගය හා දත්තවල ප්‍රමාණය තීරණය කරයි.JAVA වල Data Type වර්ග කිහිපයක් හා එම  Data Type වල විස්තර කිහිපයක් පහත වගුවේ දැක්වේ.